lankeeya sithuwili
ඔබගේ බ්ලොග් අලුත්/පැරණි බ්ලොග් අඩවි එකතු කිරීම පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න !

Email - buwa74@yahoo.com

අලුත් බ්ලොග් අඩවි

Sunday, January 1, 2012

ආලකමන්දාව



ආලකමන්දාව නව බ්ලොග් අඩවිය හඳුන්වාදීම වෙනුවෙන්  මාගේ බ්ලොග් අඩවියේ ලියූ ලිපියේ පිට පතකි 





සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා කියල සියලුදෙනාටම සුභ පතන ගමන් අලුතින් අතගහපු වැඩක් ගැන කියන්නයි සුදානම . මේක විවිධාකරයේ බ්ලොග් ලියන /කියන ඕනැම කෙනෙකුට ගැලපෙන සහ දායක වෙන්න පුලුවන් වැඩක් . ඔව්.. අලුත් බ්ලොග් අඩවියක් තමයි .සිනමාව හා සංගීතය පමණක් විෂය වෙච්ච මේ බ්ලොග් අඩවියේ නම "ආලකමන්දාව " (මේ නම  කොයිතාක් දුරකට ගැලපෙනවාද කියල නම් දන්නේ නැ ) . පහුගිය සතියේ ලියපු 2011 වසරේ හිතගිය ගීත ලිපියත් එක්ක තමයි මේ අදහස මුලුන්ම හිතට එන්නේ . ඒ වගේම අපේ මාතලන් අය්යගේ අලුත් පින්තුර බ්ලොග් එකත් වෙනස් දෙයක් කලයුතුයි කියල හිතන්නට පෙලඹවීමක් කලා කිව්වොත් නිවැරදියි . සාමාන්‍යෙන් සිංහල බ්ලොග් අවකාශය තුල දකින්න  අඩු Blogger Dynamic Views   තමයි මේ බ්ලොග් එකට භාවිතා කලේ . බ්ලොග් අඩවියේ  තේමාවන් එක්ක  Dynamic Views වඩාත් හොඳින් ගැලපෙනව කියලයි මගේ කල්පනාව . දැනට Magazine View තේමාව එක විදිහට භාවිතා කරල තියනව . කැමති කෙනෙකුට කැමති අකාරයෙන් භාවිතා කරල බ්ලොග් අඩවිය කියවන්න , හැකියාව තියෙයි(sidebar view එක වඩාත් වේගවත් )  . පහල තියෙන්නෙ බ්ලොග් අඩවියට සබැඳිය , ගිහින්ම බලන්නකො




http://alakamandhawa.blogspot.com/






මොනවද ආලකමන්දාව බ්ලොග් එකේ තියෙන්නෙ?


ආලකමන්දාව  වෙන්වෙලා තියෙන්නෙ සිනමාව හා සංගීතය පිලිබඳ තොරතුරු වලට . ඉස්සරහට එන සිනමා නිර්මාණයක් , බලපු සිනමා නිර්මාණයක් හෝ රස විඳපු ගීතයක් වගේම කලාකරුවන්ගේ තොරතුරක්(අරය මෙයා එක්ක බුදිය ගත්ත වගේ ඕපදූප නෙවෙයි උපන්දිනයක් , විවාහයක් දරු උපතක් වගේ වැදගත් කාරණා  ) වුනත් ආලකමන්දාවට එකතු වෙන්න පුලුවන් . භාෂා  හෝ දේශ සීමා බේදයක් නැ . ලෝකේ ඕනිම රටක  , ඕනිම භාෂාවකින් කෙරුණු නිර්මාණයක් පිලිබඳ සටහනක් ආලකමන්දාවට එකතු  වෙන්න පුලුවන් . දැනට බොහොම සරලව "සාම්පල්" මට්ටමේ ලිපි කිහිපයක් පල කරල තියනව .  එක්ක බ්ලොග් අඩවියේ වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද කියල  බලාගැනීම වෙනුවෙන් . දැනට තියන ආකාරයේ කුඩා සටහන් වගේම විස්තරාත්මව ලියවුනු විචාරත් ඉදිරියෙදි දකින්න පුලුවන්


ඔබගේ දායකත්වය 



කලිනුත් කිව්වා වගේ මේකට ඕනි කෙනෙකුට දායක වෙන්න පුලුවන් . සිනමාව හා සංගීතය කියන්නෙ ඕනිම කෙනෙකුගේ  ජීවිත වල අංගයක් නිසා තමන් රසවිඳපු නිර්මානයක් ගැන හෝ ඉදිරියේදි රසවිඳින්න බලාපොරොත්තුවන නිර්මාණයක් ගැන සටහනක් ලියාල දායක වෙන්න හැකියාව තියනව .

 එතනදි ක්‍රම දෙකකට වැඩේ කරගන්න පුලුවන් ,
01) කතුවරත්වය ලබා ගැනීම - ඒ කියන්නේ ආලක්මන්දාව සමුහ බ්ලොග් අඩවියක් කරන්නට දායක වීම . කතුවරත්වය ගන්න කැමති කෙනෙකුට තියෙන්නෙ පහල තියන ඊ මෙල් ලිපිනයට ඊයක් දාන එක . ආරාධනාව ලැබෙයි . ඊට පස්සෙ තියෙන්නේ තමන් ගේ රසවින්ඳන අත්දැකීම් බෙදාහදාගන්න එක විතරයි

02) කතුවරත්වයක් ඕනි නැති , එත් ඉඳල හිටල  මොනව හරි ලියල එවන්න කෑමති කෙනෙකුට දීල තියන ඊ මෙල් ලිපිනයට ම ඒ ලිපි එවන්න පුලුවන් . එතනදි තමන්ගෙ බ්ලොග් අඩවියකට හෝ සමාජ ජාල ප්‍රොෆයිලකට ලින්ක් එකක් දාල තමන් කව්ද කියල පාඨකයින්ට කියන්න පුලුවන් වගේම එහෙම අකමැති නම් නිර්නාමිකව ලිපිය විතරක් පලකරන්නත් පුලුවන් (ඊමේලය එවන කොට් වෙන්න ඕනි කොහොමද කියල ලියල එව්වාම හරි )


සමහර පිස්සු පොරවල් කරන වැඩ නිසා ඊමෙල් ලිපිනයන්ගේ පුදගලිකත්වය ආරක්ෂාවේද කියල කෙනෙකුට බයක් තියෙන්න පුලුවන් . ඒ නිසා මම බොහොම වගකීමෙන් පොරොන්දු වෙනව . ඔබගේ ඊමෙල් ලිපින වෙනත් පාර්ශවයන් සතු කරන්නේ හෝ වෙනත් ප්‍රචාරක ඊමෙල් ආදිය එවන්නට යොදාගන්නේ නැතය කියල . දැනට බ්ලොග් ප්‍රමෝ බ්ලොග් එක වෙනුවෙන් ඊමෙල් එවපු අය ගේ  ඊමෙල් ලිපින වලට අදාල පිලිතුර හැරෙන්නට වෙනත් කිසිම ඊමෙල්යක් එවා නැති බවටත් , මේල් ලිස්ට් හදලා ස්පැම් කරල නැති බවටත්   ඒ ඊමෙල් එවාපු අය  සහතික වනවා ඇති

ඊමෙල් ලිපිනය  - buwa74@yahoo.com


(දැනට මගේ තියන ලිපිනයම භාවිතා කරනව , ගොඩ දෙනෙක් වැඩේට එකතු වෙනවා නම් මේකට අමතරව වෙනත් ආලකමන්දාව වෙනුවෙන් ම ඊමෙල් ලිපිනයකුත් සකසා ගන්න පුලුවන් නේ )

ආලකමන්දාවේ ප්‍රතිපත්ති 



රට කරවන /කරවන්න ඉල්ලන උන්ටත් ප්‍රතිපත්තියක් නැති එකේ අපිවත්  ප්‍රතිපත්තියකට අනුව වැඩ කරන්න එපායැ . සාමුහික බ්ලොග් එකකට සහ පාඨක ලිපි වලට ඉඩ හසර තියන නිසා  පහත ප්‍රතිපත්ති මාලාව අනුගමනය වෙනවා


01)තමා විසින් ලියන ලද දෙයක් වීම - ඒ කියන්නේ වෙන කෙනෙක් ලියපු දෙයක් කොපි කරලා නොදැමීම කියන එක . වෙනත් අඩවියකින් (සිංහල හෝ වෙනත් ) .යමක් උපුටා ගන්නවා නම් අදාල මුලාශ්‍රය සඳහන් වීම වඩාත් හොඳයි


02) නීති විරෝධී සබැඳි  භාවිතා නොවේ - බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කරන වෙබ් අඩවියකට ලින්ක් එකක් දැමීමත් ඇත්තෙන්ම නීතියෙන් තහනම් . ඒ නිසා ඒවා ඕනි නැ . ඒවා ලබාදෙන බ්ලොග් අඩවි ඕනි තරම් තියනවනේ . අනික චිත්‍රපටියක් ගැන විස්තරය දැක්කාම ඒක බාගන්න අන්තර්ජාලය භාවිතා කරන අයට පුලුවන්නේ ,  ඒ නිසා ඒවා ඕනි නැ


03) නිදහස් අදහස් -  තමන්ට කැමති ඔනිම ආකාරයට ඕනිම දෙයක් ලියන්න පුලුවන් , බ්ලොග් එකේ විෂයට අදාලව . කිසිම ලිපියක් වෙනස් කරන්නේ හෝ පල නොකර සිටින්නේ නැ , විෂයට අදාලව ලියවෙනවා නම් . කුණුහරුප කියල සම්මත එව්වා ලියන්න අවශ්‍යතාවයක් ඇතිවුනොත් අකුරු පොඩ්ඩක් අඩු කරල දාන එකයි හොඳ. වැඩිහිටියන්ට වඩාත් සුදුසු දෙයෙක් ගැන ලියවෙනවා නම් ලිපියේ හෙඩිමට පොඩි අනතුරු ඇඟවීමක් එකතු කරන්න වෙයි


04) ලේබල භාවිතාවේදි පුලුවන් තරම් විශාල කැටගරි තෝරගන්න  - කලාකරුවන්ගේ නම් සටහන් කීරීමෙදි වඩාත් ප්‍රසිද්ධ තරු මට්ටමේ අයගේ විතරක් සටහන් කරමු . කොහොමටත්  අලුතෙන් ලේබල් හදන්න කලින් තියන ලේබල්ම යොදාගන්න බලන එක හොඳයි . ලේබල් නම් අවශ්‍යතාවයක් වුනොත් සංශෝධනය කරන්න වෙනව



05) ලියන අයට තියන අයිතියම පාඨකයින්ටත් - ලියන අයගේ නිදහසම කියවන අයටත් තියෙයි කියල මම විශ්වාස කරනව . ඒ නිසා සැම ලිපියකටම ඇනෝ කමෙන්ට් ආදිය විවෘතයි . අත්‍යාවශ්‍යම අවස්ථාවක හැර කමෙන්ට් මැකීමක් කෙරෙන්නෙත් නැ


06) ඕනි භාෂාවක් - ඕනි භාෂාවක් කිවට සිංහල ඉංග්‍රිසි සහ දෙමල තමයි . දෙමල භාෂාව දන්න කෙනෙක්ගේ සහය අවශ්‍යවෙයි දෙමල භාෂාවෙන් ලිපි ආවොත්


07) ඡායාරූප හා විඩියෝ - යූ ටියුබයෙන් විඩියෝ පල කරන්න වගේම තමන් කථා කරන නිර්මාණය ගැන ඡායාරූපයක් පලකරන්නත් කටයුතු කරනවා නම් , බ්ලොග් එකේ වගේම ලිපියෙක් අලංකාරවත් බව සුරැකේවි . ඡායාරූප ඉඩ ප්‍රමාණය සම්බන්ධ ගූගල් දෙය්යන්ගේ නීති රිති මෙතනින් ගිහින් බැලුව හැකි . දැන් නිති අලුත් වෙලා නිසා චිත්‍රපටි පොස්ටර් වගේ පුංචි  ඒවා  නොමිලේ දෙන ඉඩ ප්‍රමාණයට අමතරව ලැබෙන කොටසට අයත් වීම එක වාසියක් . ගුගල් + කට්ටියට මේ පහසු කම් තවත් වැඩියි . කෝකටත් කියල තමන්ගේ පිකාසා ගොනුවේ Storage  එක ගැන  අවධානයෙන් ඉන්න එක හොඳයි


08)එකම් දේ ගැන ලිපි -  සිනමා පටයක් හෝ ගීතයක් ගැන පුද්ගලයින් දෙන්නෙක් අදහස් සම්පූර්නයෙන් වෙනස් වෙන්න පුලුවන් , ඒ නිසා කලින් ලියවිලා තියන චිත්‍රපටියක් හෝ ගීතයක් ගැන   තමන්ගේ අදහස නැවතත් සටහන් කරන එක කිසිම ප්‍රශ්නයක් නැ


ඔන්න ඔය කාරණා තමයි දැනට සටහන් කරන්න තියෙන්නෙ



ඔබගේ දායකත්වය


ඕනැම අලුත් බ්ලොග් අඩවියකට අවශ්‍ය වන පරිදි ගොඩ දෙනෙක් අතරට ගෙන යාමට තමයි පාඨක ඔබගේ සහය බෙහෙවින් වැදගත් වෙන්නෙ . , ආලකමන්දාවේ ලිපි මුණුපොත ගුගල් + ආදියේ ශෙයා කරන්න , බ්ලොග් රෝලට දමා ගන්න  ආදි වශයෙන් සහය පලකරන්න පුලුවන් . අර උඩින්ම දාල තියන රූපය (ඒක  කැතද මන්දා ) එක්ක ආලකමන්දාවට ලින්ක් එකක් දෙන්න කැමති නම් පහල කෝඩ් එක භාවිතා කරන්නත් පුලුවන් . හැකි අයුරින් සහය  ලබා දෙන්නය කියල බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනව .







<a href="http://alakamandhawa.blogspot.com" ><img src="http://1.bp.blogspot.com/-JVFtlsOjO9s/Tv_myflyE5I/AAAAAAAAAaw/tMZ2uQ1c4O8/s1600/logo.png" alt="Alakamandhawa" title="Alakamandhawa" width="200" height="120" border="0" /></a>





කෝඩ් එක දැම්මාම එන රූපය (size 200*120px)






බ්ලොග් අඩවිය ප්‍රචාරය  කරන්න විතරක් නෙවෙයි , ඉඳල හිටල ඊමෙල් ලිපියකින් හරි දායක වෙන්නය කියලත් ඉල්ලා සිටින්න කැමතියි .


අවසන් ප්‍රශ්නය  ,  කාටවත් ආලකමන්දාවට ලිපි ලියන්න අවශ්‍යයි කියල හිතුනේ නැත්නම් ? .. එහෙම වුනත්  ආලකමන්දාව මගේ තනි උත්සාහයක් ලෙසින් හෝ පවතිවි / කොහොම වුනත් තමන්ගේ රසවිඳනයන්  බෙදා හදාගන්න කැමති කිහිප දෙනෙකු හෝ මේ වැඩේට එකතු වේය කියලයි මම විශ්වාස කරන්නේ

1 comment:

  1. ඉදුවර ජයප්‍රසාද්January 2, 2012 at 7:45 AM

    අනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ ඔයාගේ ලිපි හරි බොරිං. ලියනවා නේද .?

    ReplyDelete

දේශපාලන /කාලීන /මතවාද

පුද්ගලික/විවිධ/අත්දැකීම්/තාක්ෂණ

විෂයානුබද්ධ/නිර්මාණ/කලා